මව්බිම පාවාදෙන ජිනීවා මර උගුලට පය නොතබමු
- gen2 media
- Aug 29
- 2 min read

සැප්තැම්බර් මස ජිනිවා මානව හිමිකම් කොමිසම කැදවීමට කටයුතු සුදානම් ව ඇති මොහොතක ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට නැවතත් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් හඩක් නැගෙමින් පවතින් බව පෙනී යනවා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සහ එම රට බිදවට්ටන විදේශ බලවේග වලට රට පවා නොදෙන මෙන් ඉල්ලා සිටිමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩපිළිවෙළක් රණවිරු පවුර සංවිධානය විසින් සංවිධානය කරනු ලැබුවා
එහි සමාරම්භක අවස්තාවට දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිදු විජේවීර මහතා සහභාගි විය.
එහිදි උවිදු විජේවීර මහතා මහජන පෙත්සම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සිදු කරන ලදී

එහිදි අදහස් දැක්වු එතුමා පැවසුවේ රණවිරුවන් 2009 දී සටන් කළේ නිකම්ම නිකන් යුද්ධයකට නොව රටක ජාතියක් දෙකඩ කර රටවල් දෙකකට වෙන් කිරීමේ යුද්ධයක් බවත් ඉතිහාසයක් මුළුල්ලේ මේ රට බෙදා වෙන් කිරීමේ තවත් සංධිස්තානයක් බවත්ය.
රට දෙකට කිරීමට බලා සිටින විව්ධ බලවේග දැන් වෙනත් ක්‍රමවේද තුළිම් නැවතත් රට දෙකට කිරීමේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කිරීමට උත්සහා කරමින් සිටි.
යුද්ධය අවසන් වීමත් සමග 2009 වන විට ශ්‍රි ලංකා ආණ්ඩුවට 11.1 යෝජනාව පැමිණෙනවා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමටත්, රණවිරුවන් දංගෙඩියට දක්වන්නත් යෝජනාවලියක් ඉදිරිපත් වුවත් එය පරාජයට පත් වුවත් නැවත් එය 2015 දී 30.1 යෝජනාවගෙන එන අතට එය නැවතත් පරාජය කරනු ලබනවා.
දැන් නැවත වටයකින් මෙම යෝජනා අවධිවෙලා තියෙනවා 46.1 යෝජනා මාලාව ක්‍රියාත්ම වෙනවා.දැන් ඒ සදහා පරිසරය සකස් කරමින් පවතිනව.රණවිරුවන් අත් අඩංගුවට ගැනීම්,විශ්‍රාමික රණවිරුවන්ට කෙනහිළිකම් කරනවා මෙන්ම, රට අභ්‍යන්තරයේ ආරක්ෂාව බිද වට්ටන්න ක්‍රියාත්මක වෙමින් බුද්ධි අංශ වල මෙහෙයුම්,හමුදාවේ මෙහෙයුම් අඩපණ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර අවසානයේ සිදුවන්නේ මේ රට බිදවැටීමයි.
මේ සිදුවීම සමග ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමති සැප්තැම්බර් 08 වෙනිදා 60 වෙනි සැසිවාරය පටන්ගන්නා අතර වත්මන් මාලිමා ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති විජිත් හේරත්ගෙන් අපි ඉල්ලීමක් කරන්න කැමතී මේ ජිනීවා මර උගුලට පය තබලා රණවිරුවන් දංගෙඩියට යවා විදේශ බලවේග වලට යටත් නොවන ලෙස.
රණවිරුවන් හිර කීරිමට, ශ්‍රි ලංකාව බිද වැට්ටවීමට නීතී රාමු 9ක් ඔස්සේ ඒ අවශ්‍ය වැඩපිළිවෙක සුදානම් කර තිබෙනවා.
ඒ නීතී රාමු 9න් බරතළම රාමු වන සත්‍ය සෙවීමේ කොමිසම, අධිචෝදකවරයෙක් පත්කොට රණවිරුවන් ඕනෑම වෙලාවක දංගෙඩියට යැවිමේ ඉඩකඩ නිර්මාණය කරනවා.
අද මෙතනට වැඩමවා වදාළ ගෞරවනීය සංඝරත්නය,විද්වතුන් ,රණවිරුවන් අතුළු සියලු දෙනා මේ ජිනිවා සමුළුව තුළින් මේ රට බිදවට්ටන්න එපා කියන ඉල්ලීම සිදුකරමින් මහජන පෙත්සම් අද දිනයේ අත්සන් කිරීම ආරම්භ කරන අතර හෙට සිට ලංකාව පුරාම මේ පෙත්සම ගෙනගොස් මේ මව්බිමට ආදරය කරන රණවිරුවන්ට ආදරය කරන මිනිසුන් එකතු කරගෙන මෙම පෙත්සම අත්සන් කරලා සැප්තැම්බර් 04 වන දින විදේශ කටයුතු ඇමති තුමාටත් ජනාධිපතිතුමාටත් ලබා දීමට බලාපොරොත්තු වෙනවා







Comments