අමුතු ආරක මැයි දින වැඩසටහන
- Uvindu Wijeweera
- May 3, 2024
- 1 min read
ඊයේ මැයි මාසෙ 01 දාට කම්කරු දිනයට සමගාමීව කොළඹ 07, පුස්තකාල ප්‍රලේඛණ ශාලාවේදී දෙවන පරපුර දේශපාලන පක්ෂ විසින්
සංවිධාන කළ " "වැඩකරන ජනතා ප්‍රණාම හරසර"" මැයි දින සැමරුම පැවැත්විය.
එහිදී විවිධ ක්ෂෙත්‍රයන් වෙනුවෙන් මව්බිමේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා කාණ්ඩ 13 යටතේ දෙවන පරපුර "වැඩකරන ජනතා ප්‍රණාම හරසර" සම්මානයෙන් පිදුම් ලැබිණි.
දේශපාලන හැඩයෙන් එහාගිය මැයි දින සැමරුමට
මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා
විසින් "කම්කරුවා සහ කම්කරු සමාජයේ විකාශණය" මැයෙන් දේශනයක් හා මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා සහ නීතිඥ කනිෂ්ක මහතා විසින්"ජාත්‍යන්තර ගිවිසුම් හමුවේ ලාංකීය කම්කරුවන් හා වෘත්තීය වේදීන්ගේ ඉරණම" සංවාදශීලි වැඩ සටහනකින් හරවත් කරවිය.
දෙවන පරපුර දේශපාලන පක්ෂය මැයි දින සැමරුම් රැලි සම්ප්‍රදායෙන් එහා ගිය කම්කරුවාගේ අයිතීන් සුරැකීමට මුල්තැන දෙන මානුෂීයවාදි මුහුණු වරක් ගතයුතු බවට සියලු දේශපාලන පක්ෂ වලට යෝජනාකරමින් දෙවන පරපුර මැයි දින සැමරුම නිමා කළේය..