වත්මන් අදූරදර්ශි රාජ්‍ය පාලනයට එරෙහි මහජන පෙත්සමට පෙළ ගැසෙමු ......!
- Uvindu Wijeweera
- Apr 29, 2024
- 1 min read
වත්මන් අදූරදර්ශි රාජ්‍ය පාලනයට එරෙහි මහජන පෙත්සමට පෙළ ගැසෙමු ......!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත ජාතික උපදේශක සභාව විසින් යෝජිත රටේ ඒකීය භාවය හා ස්වරීත්වය අර්බුදයට ලක් කරමින් වත්මන් රාජ්‍ය පාලනය විසින් ගෙන යන අදුරදර්ශී මෙන්ම රටට අහිතකර ක්‍රියාපිළිවෙත ආපසු හැරවීම අරමුණු කරගනිමින් අත්සන් දස ලක්ෂයක් සහිත මහජන පෙත්සමට අත්සන් තැබීම දෙවන පරපුර පක්ෂයේ ද මැදිහත් වීමෙන් මුළු දිවයිනම ආවරණය වන සේ ලංකාව පුරා මේ දිනවල දෙවන පරපුර පක්ෂ ක්‍රියාධරයන්ගේ මුලිකත්වයෙන් සිදු කරනු ලබයි.
* දහතුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සපුරා බලාත්මක නොකරන ලෙසත්,
* ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත එට්කා ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙසත්,
* රාජ්‍ය සම්පත් විදේශීය රාජ්‍යයන් වලට හා ජාවාරම්කාර සමාගම් හෝ පුද්ගලයන් වෙත පැවරීම සිදු නොකරන ලෙසත්,
* සත්‍ය සෙවීමේ කොමිෂන් පණත ඉවත් කර ගන්නා ලෙසත්,
මෙරට වත්මන් අදුර්දර්ශි පාලන පිළිවෙත ආපසු හැරවීම උදෙසා ඉහත සදහන් කරුණු ඉටු කර ගැනීමට රජයට බල කර සිටීම මෙම මහජන පෙත්සමෙහි මූලික අරමුණ වනු ඇත






Comments