top of page
Search

හැත්ත හතේ ජේ.ආර්.ගේ ආර්ථික මොඩල් එක ඇතුළේ ජේ ආර් මහත්තයා සාහිත්‍යය ඉතිහාසය කන්නද කියලා හදපු මොඩල් එකේ ඉතුරු කොටේද මේ ආණ්ඩුව අදින්නේ. - උවිදු විජේවිර

ree

දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට හේතුව ආණ්ඩුව ගෙනල්ලා තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්  කරුණු පැහැදිලි කර ගැනීම සඳහා. මේ පිළිබඳව සමාජයේ පැහැදිලි කියවා ගැනීමක් නැති බව පේනවා. ඒකට හේතුව ආණ්ඩුව නිෂ්චිත වශයෙන් පැහැදිලි කිරීමක්  නොකිරීම. අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ මාධ්‍ය හරහා ගත්ත තොරතුරු මත පදනම් වෙලා ඔබත් එක්ක මෙය පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා  


අලුතෙන් එකතුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ මොනවද කියලා බලමු.


පැහැදිලිවම අපි දන්නවා සාමාන්‍ය පෙළ 10 සහ 11 වසර විභාගයේ විෂයන් නවයක් තමයි අපිට තිබුණේ .මීට අවුරුදු ගණනාවකට කලින් තෝරාගන්න විෂයන් දෙකක් එක්ක ප්‍රධාන විෂයන් තිබුණා. නමුත් මෑත කාලය වන විට ප්‍රධාන විෂයන් හයට අමතරව ප්‍රධාන තෝරා ගත්ත විෂයන් තුනක් එක්ක විෂයන් නමයක්  තිබුණා. අපොස සාමාන්‍ය පෙළට තිබ්බ හැම විෂයකටම ලකුණු ලබාදෙනවා A B C  විදිහට. අසමත් නම් w කියන ක්‍රමවේදයක් තිබුණා. දැන් මේ විෂයන් නමය හතකට අඩු කරලා. ඒ විෂයන් හතත් නැවත වර්ගීකරලා තියෙනවා. ප්‍රධාන විෂයන් පහකුත් ඒ වගේම තෝරා ගත්ත විෂයන් දෙකකුත් වශයෙන්. අපිට මේ  මොහොතේ ලැබිලා තියෙන තොරතුරු අනුව අපට පැහැදිලිවම පේනවා පොදු මූලික විෂය මාලාව යටතේ මව් බස සිංහල  හෝ ද්‍රවිඩ  භාෂාව, ඉංග්‍රීසි  භාෂාව, ගණිතය, විද්‍යාව ඊට අමතරව ආගම සහ සාරධර්ම අධ්‍යනය විෂයන් පහක්  තියෙනවා.

 තෝරාගන්න විෂයන් යටතේ දෙවන ජාතික භාෂාව, තොරතුරු හා නිවේදනය තාක්ෂණය, ඉතිහාසය පුරවැසි  අධ්‍යනය, සෞඛ්‍ය හා ශාරීරික  අධ්‍යනය, තාක්ෂණය, භූගෝල විද්‍යාව සෞන්දර්ය,  ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය කියන විෂයන් ගොන්නක් එකතු කරලා තියෙනවා. මේ පළවෙනි අවධියේදී දරුවන්ට විෂයන් හතක් තෝරා ගත යුතුව  තියෙනවා.


පැරණි ක්‍රමයේදී වගේ මෙතනදි විෂයන් වලට ලකුණු දීලා පාස් කරන ක්‍රමවේදය අහෝසි වෙනවා.


ඊට පස්සේ විෂයන්වලට දෙන්නෙ ක්‍රෙඩිට්. මේක විශ්ව විද්‍යාලවල තියෙන ක්‍රමවේදයක්. ප්‍රධාන විෂයයන් පහට ක්‍රෙඩිට් දාහතරක් ගන්න ඕනේ. ඊට පස්සේ තෝරා ගත්ත විෂයන් වලට ක්‍රෙඩිට් දෙක ගණනේ ක්‍රෙඩිට් හතරක් හම්බවෙනවා. ඔක්කොම එකතුව ක්‍රෙඩිට් 18 ක් ලැබෙනවා. දැන් විභාගවලට ඉදිරිපත්  වෙන දරුවන් ලකුණු ඉලක්ක කරගෙන විභාගවලට වාඩිවෙන්නේ. අලුත් එකෙන් වෙන්නෙත් දරුවන් ක්‍රෙඩිට් ගන්න බලාගන විභාග වලට මුහුණ දෙන එක. ඒ නිසා ක්‍රෙඩිට් අඩුවෙන් ලැබෙන විෂයන් ඔවුන් ඉවත් කරගන්න එක  නිරායාසයෙන්ම සිද්ධ වෙනවා.


මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තමන් උසස් පෙළට කරන්න බලාපොරොත්තු වෙන විෂයට අදාළව තවත් විෂයන් ගොන්නක් මේකට ලබා ගත යුතුයි. වර්ගීකරණ හතරක් යටතේ මේ විෂයන් තෝරාගත යුතු වෙනවා. STEM කියන කාණ්ඩය යටතේ ගණිත හා විද්‍යා විෂයන් එකතු කරලා එක කාණ්ඩයක් හදලා තියනවා.

* මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව කාණ්ඩය යටතේ තව එකක්.

 * කළමණාකරණය යටතේ විෂයයන් කාණ්ඩයක් හඳුන්වලා දීලා තියෙනවා.

 * වෘත්තීය අධ්‍යාපනයට අදාළ විෂයන් මාලාවකුත් කාණ්ඩ ගත කරලා තියෙනවා.

    (මේක හරියට පැහැදිලි නෑ. ආණ්ඩුව කියල තිබුණේ  නමය වසරෙදි මේක කරනවා කියලා)

 * පළවෙනි මල්ලේ තියෙනවා මූලික විෂයන් පහයි තෝරා ගත් විෂයන් දෙකයි.

 * තව මල්ලක් තියෙනවා එයින් උසස් පෙළ විෂය ධාරාවට තමන් තෝරා විෂයන් හතරත් තෝරා ගත යුතුයි. ඊට අමතරව ඔහුට සිද්ධ වෙනවා තෝරාගන්න ඉතිහාසය හා සෞන්දර්යට අදාල විෂයයන් දෙකක්.


ගොඩ දෙනෙක් මේක පටලවගෙන තියෙනවා. අගමැතිතුමිය කියනවා නෑ නෑ ඉතිහාසය අයින් කරලා නෑ කියලා. අනෙක් අය කියනවා නෑනේ මේකේ අනිවාර්ය කරලා නෑනේ කියලා. සෞන්දර්ය හා ඉතිහාසය අධ්‍යාපනයෙන් බැහැර කරන්න පටන් ගත්තේ ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා. ඔහු මාතර පැත්තේ රැස්වීමකදි කියනවා ඉතිහාසය කන්නද කියලා. වහල්ලූන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපේ රටේ තියෙන්නෙ. ඒකට වහලු ටික හදාගන්න තමයි පරිකල්පන චින්තනයක් නැති, නිර්මාණශීලී කුසලතාවයක් නැති, සහකම්පනයක් නැති, අනිකා ගැන හිතන්න බැරි, සමාජය ගැන සංවේදී නැති  කෘතිම යාන්ත්‍රික රෝබෝ මිනිහෙක් නිර්මාණය කරණ අධ්‍යාපන වැඩපිළිවෙක තමයි අපිට ආවේ.

ree

ඒ අධ්‍යාපන ක්‍රමයෙන් නිර්මාණය වුණ සමාජය තමයි පහුගිය කාලෙ අරගලය සහ මේ ආණ්ඩුව පත් කරගන්න ක්‍රියාවලියේදී  අපට පෙන්නුම් කලේ. ඒක වෙනස් කරන්න තමයි මේ මාලිමා ආණ්ඩුව විසින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළේ. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කාරණා අරගෙන බැලුවම

* ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක්

*  දියුණු මානව සම්පතක්

* උදාර සංස්කෘතික ජීවිතයක්

* සහකම්පනීය ජනතාවක්

* තෘප්තිමත් තාරුණ්‍යක්

* සංස්කෘතිකවත් නිවහල් චින්තනයක්

දැන් මේ වෙනස් කරන අධ්‍යාපන මොඩල් එකෙන් මේවා ඉටුවෙනවද? ඉහත කරුණු දරුවා තුළ ගොඩ නැගෙන්නේ නැත්තේ හැත්ත හතේ ජේ.ආර්.ගේ ආර්ථික මොඩල් එක ඇතුළේ.ජේ ආර් මහත්තයා සාහිත්‍යය කන්නද, ඉතිහාසය කන්නද කියලා හදපු මොඩල් එකේ ඉතුරු කොටේද මේ ආණ්ඩුව අදින්නේ. "ඇල්බට් අයින්ස්ටයින් මහා විද්‍යාඥා කියනවා විද්‍යාඥයෙක් වෙන්න ගණිතය, විද්‍යාව පිළිබඳව දැනුම සීයටට විස්සයි ඕන. සියයට අසූවක්ම ඕන පරිකල්පන චින්තනයක්."


මේ විභාග ක්‍රමය ඇතුලේ ළමයි ක්‍රෙඩිට් පිටිපස්සේ දුවන්න පටන් ගන්නවා.


එතකොට පරිකල්පනීය චින්තනයක් තියෙන දරුවෙක් බිහිවෙයිද? යම් වෙලාවකට ළමයෙක් ඉතිහාසය හෝ සෞන්දර්ය විෂයන් තෝරා ගත්තොත් ඒකට ලැබෙන්නේ ක්‍රෙඩිට් දෙකයි. මෙන්න මේක ඇතුලේ තමයි ආණ්ඩුව උපක්‍රමික ලෙස සාහිත්‍යයෙන් සහ ඉතිහාසයෙන් ළමයා ඈත් කරන්නේ ළමයගෙ මනස තුළ හදනවා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් වලින් හම්බවෙන්නේ ක්‍රෙඩිට් දෙකයි. ඒ නිසා ඒකට මහන්සි වෙන්න ඕන නැහැ වැඩි අවධානයක් දෙන්න ඕන වැඩි ක්‍රෙඩිට් ප්‍රමාණයක් ලැබෙන විෂයන් වලට කියලා.


මෙතන තමයි සෙල්ලම තියෙන්නේ


මෙන්න මේ විදියට තමයි සෞන්දර්ය හා ඉතිහාසය දරුවන්ගෙන් ඈත් කරන්නේ. මෙතන තමයි සෙල්ලම තියෙන්නේ. ඉතාම උපක්‍රමශීලීව දරුවා ඉතිහාසයෙන් සහ සෞන්දර්යයෙන් ඉවත්කරන. ඉතිහාසය හා සෞන්දර්යයෙන්  විෂයන් දරුවන් තෝරාගන්න නම් දරුවන් පොළඹවන්න නම් ඒවාට ක්‍රෙඩිට් වැඩියෙන් දෙන්න ඕනකම තිබුණා.


" ඔලුව උඩ තියෙන මුට්ටියට අසූචි පුරවගන්නවද එහෙම නැත්තං කොන්ද කෙලින් කරන්ඩ පාවිච්චි කරනවද "කියලා ගුරු තරුව නාට්‍යයේ ජයලත් මනෝරත්නයන් කියල දුන්නා.

තාරා දී මෙල් ලාට විරුද්ධව, වික්‍රමසිංහලා ගෙනා ධවල පත්‍රිකාවට විරුද්ධව  සටන් කරපු බව ජවිපෙට අද අමතකද? අපි දන්නවා  UNA එක හා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මැදිහත් වුණා. යුරෝපයේ රටවල් වලට ඔවුන්ගේ ඉතිහාසයේ උගන්නන්ඩ බෑ මොකද ඔවුන්ගේ ඉතිහාසය ඇතුලේ ඔවුන් කරපු මෙලේච්ච කුරුරු දේවල් උගන්නන්න බැරිවෙලා තියෙනවා.


මිනිස්සු ඝාතනය කරලා සංස්කෘතීන් විනාශා කරා (අපේ රටේ නම් පිරිමින්ගෙන් තුනෙන් එකක් විතර ඝාතනය කරා කියලා කියවෙනවා) කියලා ඉතිහාසය ඔවුන් උගන්වන්නේ කොහොමද? දරුවන් උඩ දාලා බයිනත්තුව අල්ලපු ජාතියකට පුළුවන්ද ඔවුන්ගේ ඉතිහාස කතාව කියන්න. ඔවුන් කැමතියි ඔවුන්ගේ ඉතිහාසය මකල දාන්න. ඉතිහාසය සෞන්දර්ය පාසලෙන් අයින් කරපු ජේ.ආර්.ගේ පුස්තකාලයේ ලෝකයේ තිබුණ හැම සාහිත්‍ය කෘතියක්ම  තිබුණා. ඔහු ඒවා කියෙව්වා. අපේ දරුවන් ඒවා නොකිය විය යුතු බව කල්පනා කලා. ඉතිහාසයේ සහ සාහිත්‍යය කියවපු මිනිහෙක් මේ රටේ හැදුනොත් ඔවුන්ට  අවශ්‍යය වහලු ටික නිර්මාණය කරගන්න  බැරිවෙයි කියලා ඔහු දැනගෙන හිටියා.


ඒ නිසා ඉතිහාසය හා සාහිත්‍යය අපේ දරුවන්ගෙන් ඈත් කළා. මේ ආණ්ඩුවත් කරන්නේ ඒ වැඩේමද? වෙන වෙන සංවාද හදලා මේක වෙනත් දිශානතියට ගෙනිහිල්ලා නෑ නෑ අපි ඉතිහාසය අයින් කරලා නෑ ඉතිහාසය සාහිත්‍යයා තියෙනවා කියලා පුංචි කාරණා වලට මේක ලගු කරලා, ඇත්ත කතාව වහන්න හදන්නේ. ජනතාවට අපි කියනවා මේ ගැන අවදියෙන් ඉන්න .අපේ උරුමයෙන් අපේ ළමයා ගලවනවා නම් සභ්‍යත්වය උරුමයෙන් පිටමං කරන්න හදනවා නම් ඒක නවත්තන්න අවශ්‍ය වෙනවා.

ජාත්‍යන්තරයට ඕන විදිහට එදා තාරා දී මැල් කරන්න හදපු දේ ජවිපෙට මුවා වෙලා මාලිමාවට  මේක කරන්න ඉඩ දෙනවද කියන එක අහන්න කැමතියි.

 
 
 

Comments


  • White Facebook Icon
  • Youtube
  • White Instagram Icon
  • TikTok
  • X

©2024 uvindu wijeweera

official page of Uvindu Wijeweera, a young politician.  leader of second generation political party

420/158, 8th lane, Weli Para, Colombo

Sri-Lanka  

bottom of page